19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ විමර්ශන කමි‍ටුවට කැඳවීම ගැන මහත් කළබලයක් හට ගෙන ඇත.

විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් මේ වනවිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටියි.

හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ජනපතිගේ විධායක බලතල මොට කරන 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම වලක්වාලීම සඳහා ශ්‍රී ලනීපය තුල කුමන්ත්‍රණකාරී සැලසුමක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට කැඳවීමට විරෝධය දක්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමෙන්තු සභාගර්භයේ බිම වාඩිවී විරෝධයක නිරතවූහ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා රාජ්‍ය පරිපාලන, යහපාලන, පළාත් සභා, පළාත් පාලන හා බුද්ධ ශාසන වැඩබලන අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

අප්‍රේල් විරු සමරු උත්සව කිහිපයකට සහභාගි වීමට විදෙස් ගත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (20දා) දිවයිනට පැමිණි පසු ජවිපෙන් ඉවත් වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා යළි පක්ෂයට එකතු කර ගැනීම පිළිබඳ සාකච්ඡා පුළුල් මට්ටමකට ගෙන ඒමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.

මෙම වසරේ ගතවූ අවුරුදු සතිය තුළදී දිවයින පුරා මිනිස්‌ ඝාතන 27 ක්‌ සිදුවී ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ld add copy

Connet With Us