රතන හිමි නැවතත් බල්ටියකට සුදානම් වේ

Published in පුවත්
Sunday, 02 August 2015 17:20

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් අපේක්ෂාවෙන් සිටින අතුරලියේ රතන හිමි මැතිවරණයට සතියක් පමණ තිබියදී යළි සන්ධානය හා එක්වීමේ සූදානමක සිටින බව වාර්තාවේ.

මෙයට මූලික හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවේ දෙවැන්නාට නම සඳහන් වූවද එම මන්ත්‍රීධුරය නොලැබෙන බව තහවුරුව ඇති බැවිනි. ඊට හේතුව වශයෙන් සඳහන් වන්නේ භික්ෂූන් වහන්සේට එජාපයේ මන්ත්‍රීධූර ලබා නොදෙන බවට මීට පෙර ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය මතය.

ඊට විරෝධය පලකිරීමක් ලෙස මෙම තීරණය ගන්නා බව මේවන විටත් එජාපයේ වගකිව යුත්තන් වෙත දැනුම් දී තිබෙන බවත් වාර්තාවේ. කෙසේ නමුත් රතන් හිමි සන්ධානයට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය හා සමීපව කටයුතු කරනු ඇති බවත් වාර්තාවේ.

රතන හිමි නියෝජනය කරන සංවිධානය 'පිවිතුරු හෙටක්' වන අතර එහි ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් චතුර සේනාරත්නයි. ඔහු මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගවදී.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us