මන්නාරම් ද්‍රෝණියේ ඩොරුඩෝ නම් ළිඳේ ගෑස් හමුවී ඇති බවත්, ඒවා තව වසර දෙකකින් එනම් 2018 වනවිට වාණිජ කටයුතු සඳහා ලබාගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මීගමුවේ පිහිටි පෞද්ගලික හෝටලයක ඊයේ (22) සහ පෙරේදා (21) පැවති වැඩමුළුවේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවී ඇති අතර, ඒ අනුව නව ජාතික ආණ්ඩුවේ ඇමැතිවරුන් සංඛ්‍යාව 45 දක්වා ඉහළ දැමීමටත් නියෝජ්‍ය ඇමැතිවරුන් 55ක් දක්වා වැඩි කිරීමටත් යෝජනා වී තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයෙදී නාමයෝජනා ලබා දීම හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයහෝ ලබා නොදිය යුතු බව ශ්‍රීලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අති බහුතරයකගේ මතය වී තිබේ.

විමලුත් CIDයට

Published in පුවත්
Monday, 23 February 2015 10:17

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (23)අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා අැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බැහැදැකීමට යන පිරිස්‌ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන බව සඳහන් කරමින් බස්‌නාහිර පළාත් හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතාගේ බිරිඳගේ දුරකථන අංකය සඳහන් කර ව්‍යාජ ලෙස අන්තර්ජාල වෙබ් අඩවියක පළකර ඇතැයි වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කර ඉදිරියට ගෙනයන අතර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන තෙක් මැතිවරණයක් නොපැවැත්විය යුතු බවට තීරණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට වැඩ කිරීමටද එකඟතාව පළකර තිබේ.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ සිර්ජා උදයන්ති නොහොත් ෂෙහාසා උදයන්ති මහත්මිය සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ජනමාධය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා හා මෙරට ජපන් තනාපති නොබුහි‍තෝ හොබො මහතා සමඟ පැවැති සාකච්ඡාවකදී මෙරට සිනමා කර්මාන්තය නැංවීම සඳහා ජපන් තාක්ෂණික ආධාර ලබා දීමට තානපතිවරයා එකඟවී ඇත.

ld add copy

Connet With Us