ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉදිරි මහ මැතිවරණයේදී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප‍්‍රකාශක ලෙස හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පත්කර තිබේ.

ආරක්ෂක බුද්ධි අංශවල සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවන් නව රජයේ ක්‍රියාමාර්ග වලට අකුල් හෙලමින්, විදේශීය රජයන් අතර ගොඩනැගෙමින් පවතින යහපත් සම්බන්ධතාවය බිඳ දැමීමට කටයුතු කරමින් සිටින්නේදැයි බරපතල සැකයක් මතුවී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවිදුලිබල හා බලශක්‌ති රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා අද උදෑසන යෙදී තිබු සුබ මොහොතෙන් යළි විවාහ දිවියට එක්විය.

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සංවිධානය කරන ‍රැළි මාලාවේ දෙවැන්න අද (06 දා) පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වේ. මේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බවත් ඔහු ඊට සහභාගී වනු ඇති බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා පැවැසීය.

‍දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

 

මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ld add copy

Connet With Us