පුංචි ළිඳේ වතුර ගුණයි

Published in Gossip
Thursday, 23 April 2015 15:31

පොල් වගේම අපේ රටේ බොහෝ ප්‍රදේශ වල තැඹිලි බහුලව වැවෙනවා. ඒවගේම වෙළඳපොළේ සුලබව තැඹිලි දකින්න ලැබෙනවා. ඒත් අපි බොහෝ දෙනෙක් තැඹිලි බොන්නෙ ලෙඩක් හැදුනම විතරයි. වෙහෙසක් දැනුන වෙලාවට අපි බොන්නෙ කඩෙන් ගන්න වෙනත් කෘත්‍රිම පාන වර්ග.

පාරිභොගිකයන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක බර කිරා මැන බැලීම සඳහා සෑම වෙළඳසැලකම තරාදියක් තිබීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ ඇතුළු පිරිසක් රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගනවා වෙනුවට ඊට එරෙහිව වෙන මතයක් ගොඩනගමින් තිබෙන බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි.

ලබන ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කළ රු. 5000/- ක මහපොළ ශිෂ්‍යත්වය එළඹෙන මැයි 01 දින සිට ලබාදීමට තම රජය කටයුතු කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

ජාතික විගණන පනතට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (23) කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට වෙනත් දිනයක් ඉල්ලා තිබේ.

කෙහෙළියට සිතාසි

Published in පුවත්
Thursday, 23 April 2015 10:41

පසුගිය ජනපතිවරණ සමයේදී රූපවාහිනී සංස්ථාවට අවශ්‍ය නොවන යකඩ බට 600 ක් මිලදී ගෙන රජයට රුපියල් නව ලක්ෂ අනූදහසක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම හිටපු ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, රූපවාහිනී සංස්ථාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට විරුද්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ ඊයේ (22දා) නඩු පැවරීය.

ld add copy

Connet With Us