මහින්ද හා දූෂිතයන් නිසා දුමින්ද 17 දා අ'පුර වේදිකාවට නො එයි

Published in පුවත්
Thursday, 16 July 2015 09:04

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය හෙට (17 ) දා ඵෙතිහාසික අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිත නමුත්, එම දිස්ත්‍රීක්කයට සන්ධානයෙන් ඉදිරිපත්වන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එදින පස්වරුවේ පැවැත්වෙන මංගල රැලියට සහභාගී නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග වේදිකාවේ එකට අසුන් ගැනීමට ඇති අකමැත්ත ප්‍රකාශකරමින් ඔහු එම තීරණය ගෙන ඇතැයි පැවසේ.

කෙසේවුවද, එම රැස්වීම සංවිධානය කිරීමට උපරිම දායකත්ව ලබාදීමට ඔහු එකඟවී ඇතැයි ද වාර්තාවේ.

හෙට උදෑසන ඵෙතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිදුකෙරෙන ආගමික වතාවත්වලින් අනතුරුව, සවස් වරුවේ අනුරාධපුරයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානනත්වයෙන් සන්ධානයේ මංගල මැතිවරණ රැලිය පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.


srilankamirror

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us