මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වෙළෙඳ පොළ තුළ අලෙවියට තබා තිබූ ඇමෙරිකාවෙන් ආනයනය කළ ඇපල් තොග අත්අඩංගුවට ගත්තද, එම ඇපල්වලින් එක ගෙඩියක්වත් මෙතෙක් පරීක්ෂණයකට ලක්කර නැතැයි වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා පත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට අද සිරබත් කෑමට සිදුව ඇත්තේ ටිරාන් අලස් නම් පාප මිත්‍රයාගේ ඇසුර නිසා බව තිස්ස අත්තනායක මහතාගේ සමීපතමයකු ලංකාඩේලි වෙත පැවැසීය.

මේ වන ඇමරිකාවේ සිය නිවසට වී සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පෙබරවාරී 17 වන දා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව ඒ මහතාව සමීප ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදා රගර් කණ්ඩායම සහ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අතර පෙරේදා පස්වරුවේ වැලිසර නාවික හමුදා කඳවුරු ක්‍රීඩා පිටියේ පැවැති අන්තර් සමාජ පළමුපෙළ රග්බි තරගයෙන් පසුව තරග තීරකවරුන්ට හා හැව්ලොක්ස් පිලේ ක්‍රීඩකයන්ට නාවික හමුදා කණ්ඩයමේ නිළධාරීන් හා ක්‍රීඩකයන් ගෙන් සිදුවූ පහරදීම සම්බන්ධව කඩිනමින් පරික්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා රග්බි සංගමය පවසයි.

වත්තල ප්‍රාදේශීය සභාව තුළ සිදුවූ මැර ප්‍රහාරය පිළිබඳව ඊයේ (02) පැවති බස්නාහිර පළාත් සභා රැස්වීමෙදී විශේෂ ප්‍රකාශයක් කළ පළාත් සභා මන්ත්‍රී මෙරිල් පෙරේරා මහතා (එ.ජ.නි.ස) මේ තුච්ඡ පහරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන අපේක්ෂාව බිඳ දැමීමක් බවද එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරුන්ට යහපාලන හුරු නැති බව මෙවැනි සිද්ධීන්වලින් හොඳින් පැහැදිලි වන බවද කියා සිටියේය.

නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආශ්‍රීත මාර්ග කිහිපයක් හෙට(4) වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි‍.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ජාතික රූපවාහිනිය විකාශනය කළ වෙළෙඳ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල ලබාගැනීමට අධිකරණය වෙත යෑමට කටයුතු කරමින් සිටින බව ජාතික රූපවාහිනියේ සභාපති සෝමරත්න දිසානායක මහතා පැවසීය.

ld add copy

Connet With Us