හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය නිල කාලයේ රැඳී සිටි ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට රජය සැලසුම් කර ඇත.

මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ මහත්වරුන් අතර හොර ගිවිසුමක්‌ ඇති බවට ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කිරීම හා ඒවා ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයන් පස්‌දෙනකු ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ආර්. ඒ. සිරිසේන මහතා එවකට ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන් වෙස් ගන්වා රූපවාහිනී දැන්වීම්වලට පුහුණු කිරීම සඳහා දින 28ක් නවාතැන් ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ලෝක පිළිකා දිනය අදට යෙදී ඇත. පිළිකාව ජය ගැනීමට අපට බොහෝ දේ කල හැකිය යන්න තේමා කර ගනිමින් මෙවර ලෝක පිළිකා දිනය සමරනු ලබයි. පසුගිය වසරේදී පිලිකා රෝගීන් විසි හය දහස් තුන්සිය හතලිස් එක් දෙනෙකු මෙරට තුළ ලියාපදංචි වී ඇත.

පසුගිය සමයේ උදය ගම්මන්පිල මහතා කටයුතු කළ බස්නාහිර පළාත් කෘෂිකර්ම හා කර්මාන්ත අමාත්‍යාංශය ලබාගැනීමට පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙන බැවින් මහ මැතිවරණය පවත්වනතුරු එම තනතුරට කිසිවෙකු නම් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට දන්වා තිබේ.

ශ්‍රී ලංකා‍ද්වීපයේ යහ පාලනයේ නව යුගයක උදාව සනිටුහන් වූ මොහොතේ එළැඹි 67 වැනි ජාතික නිදහස් දින සැමරුම අභිමානවත් මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවණීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ දී අද (4) උදේ වරුවේ පැවැත්වේ.

ජනාධිපතිවරණය සමහේදී එජාපයේ හිටපු මහ ලේකම්වරයා විසින් රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රීපාල සිරිසේන මහත්වරුන් අතර වූ ගිවිසුමක් බව පවසමින් ඉදිරිපත් කළ ව්‍යාජ අත්සන් සහිත ලියැවිල්ල සකස් කිරීම සඳහා පත්‍ර කර්තෘවරයකු හවුල් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකවරයා කරවීම වෙනුවනේ එන හෙට(05) නව දේශපාලන පෙරමුණක් පිහිටුවීමට තීරණය වී ඇති බව විමල් වීරවංශගේ සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

ld add copy

Connet With Us