විශේෂ පක්ෂ නායක රැස්වීමක් කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වී තිබේ.

පසුගියදා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දියානු ධිවර පිරිස අද(22) යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට නියමිතය.

‘‘ඔවුහු ඔබට අසීමිතව පේ‍්‍රම කළහ” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ මේ වසරේ ශිෂ්‍ය වීර දිනයේ ප්‍රධාන සැමරුම ඊයේ (20) දින රුහුණ විශ්වවිද්‍යාලයීය එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයෝ අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බව කියන රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය අවසර ලබා දී ඇත.

යුක්රේන කැරළිකරුවන්ට ආයුධ ලබාදුන් බවට චෝදනාවට ලක්ව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බව පවසා ඇත.

පසුගිය වසරේ අග භාගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වයංරැකියාලාභීන් ට ලබාදීම සඳහා නිකුත් කරන ලද රුපියල් කෝටි අසූවක් පමණ වටිනා භාණ්ඩ සහ උපකරණ මේ වනතුරු ඔවුන් වෙත ලබා නොදී දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල තිහේ ශ්‍රවණාගාර තුළ ගොඩගසා දිරාපත්වෙමින් තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පන්සලක් පන්සලක් ගානේ යමින් මල් පූජා තියලා පිං රැස් කරගන්නවා වෙනුවට ජාතික ආරක්ෂාව අනතුරේ වැනි මහා පරිමාණ බොරු කියා රට නොමඟ යවන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

තම සංවිධානයට දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි වීමට මැතිවරණ නීතිමය අවකාශයක් නොමැති හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඔස්සේ ලබන සතියේ සිට දේශපාලන කටයුතු ආරම්භ කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ‍ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර පවසයි.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us