ශ්‍රී ලංකාවේ 44 වන  අගවිනිසුරු වී මොහාන් පීරිස් මහතා මීට ස්වල්ප වේලාවකට කළින් සිය අස්වීමේ ලිපිය අගමැති රනිල් වික්‍රසිංහ මහතාට යොමු කර තිබේ.

ජංගම දුරකථනය එහෙමත් නැත්නම් hand phone එක මේ වෙනකොට අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත්වෙලා. ගොඩක් දෙනෙක්ට එක phone එකකට අමතරව දෙක තුනක්ම තියනවා. කොටින්ම කියනවා නම් රටේ ඉන්න මිනිස්සුන්ටත් වඩා රටේ තියෙන ජංගම දුරකථන ප්‍රමාණය වැඩියි කියලත් අනාවරණය වෙලා තියනවා.

කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යතුමිය ලෙස චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය අද(21) සෙත්සිරිපාය කාර්යාලයේදී සිය වැඩකටයුතු ආරම්භ කලේය.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහි සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (21) නියෝග කර ඇතැයි ඒ මහතාගේ ලේකම්වරයා හිටපු කපිතාන් වන සේනක හරිප්‍රිය ද සිල්වා මහතා පැවසීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානතම ආධාරකරුවෙකු වන ලේක් හවුස් හි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ කතෲ ඇන්ටන් දිනේෂ් ප්‍රනාන්දු, (එසේත් නැතහොත් දිනේෂ් වීරවංශ), ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඔබ්සර්වර් පුවත්පත සහ ඔහුගේ පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ ද ප්‍රසිද්ධියේ මඩ ප්‍රහාර එල්ල කරමින් සිටි අයෙකි. එමගින් ඔහු අපේක්ෂා කළේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් ළකුණු දමා ගැනීමයි.

විශ්වවිද්‍යාල වාර්ෂික ගිණුම් වාර්තා ශිෂ්‍යයින් අතටද ලබා දෙන ලෙසත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට පවරා තිබූ විශ්වවිද්‍යාල සිසුනට නායකත්ව පුහුණුව ලබාදීමේ වැඩසටහන අහෝසි කිරීමට කටයුතු කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය රජීව විජේසිංහ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබේ.

මෙවර පත්කරනු ලැබ සිටින අමාත්‍යාංශයේ ලේකම්වරුන් අතර අඹු සැමියෝ හයදෙනෙක් සිටී.අග‍්‍රාමාත්‍ය ලේකම් සමන්ත ඒකනායකගේ බිරිඳ ඞී.කේ.ආර්. ඒකනායක සමාජ සේවා සුභසාධක හා පාංශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්ව සිටින අතර, පී.එච්.ජේ.බී. සුගතදාස ආහාර සුරක්ෂිතතාව අමාත්‍යාංශයේ ලේකම් වශයෙන්ද ඔහුගේ බිරිඳ එන්.ඞී. සුගතදාස තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ද පත්ව සිටී.

මෙම ප්‍රවෘත්තියෙහි දැක්වෙන ඡායාරූප දෙකෙහි සිටින්නේ හිටපු අගවිනිසුරු තුමියට විරුද්ධව පැවති දෝශාභියෝගය පිළිබඳ අප්‍රසාදය පලකිරීම සදහා පැවති උද්ඝෝෂණයට පහර දීම සඳහා රාජපක්ෂ රෙජිමය ගෙන ආ කුලී මැරයන් අතරින් අප විසින් මේ වනවිට හඳුනාගත් පුද්ගලයන් දෙදෙනෙකි.

ld add copy

Connet With Us