'ධනවත් මුග්ධයෝ හමුදාව සමග පරිසරය වනසයි' නමින් 2014 ජූලි 07 වන දා පලවූ ලිපිය සම්බන්ධයෙන් four wheel drive club හී වැඩ බලන ලේකම් අජිත් ප්‍රනාන්දු මහතා, එම ලිපියෙහි ඇතුළත් ඇතැම් කරුණක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් අපවෙත එවා ඇත. ඒ පහත පලකර සිටිමු.

දයාසිරි-හරීන් පෙර ආත්මයේ තිරිසනුන් විය හැකි බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

නිමාවට පත්වු 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අන්තර්ජාලය ඔස්සේ වැඩිම පිරිසක් නැරඹු ඉසව්ව ලෙස වාර්තා අතරට එක්ව ඇත. අමෙරිකාව තුල පමණක් මිලියන 5යි දශම 3ක් අන්තර්ජාලය ඔස්සේ මෙවර තරගාවලිය නරඹා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇතැම් ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රීන් කොමිස් ගසතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෑතකදී කළ කතාව ප්‍රසිද්ධීයේ ඉල්ලා අස් කරගත යුතු යැයි මාතලේ ප්‍රාදේශිය සභා රැස්වීමේදී උප සභාපති නිමල් ජයවර්ධන මහතා පැවසීය.

මෙරට සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14) නියෝග කළේය.

සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙරට බැංකු පද්ධතියේ මුදල් සොරා ගනිමින් සිටි තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සහ යුක්රේන් ජාතික කාන්තාවක එසේ සොරාගත් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න මුදල් සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 32ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දී අක‍්‍රමිකතා සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හොර ඡන්ද දැමීම වෙනුවට හොර ඡන්ද ලැයිස්තු මගින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us