ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ජාතික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරිමට කටයුතු සම්පාදනය කරන බව අධිකරණ හා කම්කරු සබඳතා ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.ඉදිරියට නීති විද්‍යාලයේ විභාග සඳහා ශිෂ්‍යයින්ට තමන් කැමති භාෂා මාධ්‍යකින් පිළිතුරු ලිවිමට කටයුතු සලසන බවද ඔහු පැවසුවේය.

අන්ත දූෂිතයෙකු මෙන්ම මැර දේශපාලකයකු වන අනුර විදානගමගේට ඌව පළාත් සභාවේ ඇමැතිධුරයක් මහ ඇමැති හරීන් විසින් ලබා දීම සම්බන්ධයෙන් මහියංගනය ජනතාවගේ බරපතල විරෝධය එල්ල වී ඇත. ඊයේ දිනයේදීද මේ සම්බන්ධයෙන් විරෝධතවයක් පැවැති අතර එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහටද සිය විරෝධය ඉදිරිපත් කරන බවත් එම පිරිස් පවසති.

අරලියගහ මන්දිරයට පසුගිය ජනවාරි 19 වැනිදා සාකච්ඡාවකට පැමිණි මොහාන් පීරිස් මහතා අප්‍රේල් මාසය වනතුරු තමාට සේවය කිරීමට අවස්ථාව ලබා දුන්නොත් ආණ්ඩුවට එරෙහිව කිසිදු තීන්දුවක් ලබා නොදෙන බවට ප්‍රකාශ කෙළේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ජනාධිපතිවරණය පැවති ජනවාරි 08 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු අංශයේ සේවකයන්ට නීති විරෝධීව වැටුප් වැඩි කිරීම බරපතල වැරැද්දක්‌ සහ වංචාවක්‌ බවත් වත්මන් විදුලිබල ඇමැති චම්පික රණවක මහතා එය නීතිගත කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම බරපතල වැරැද්දක්‌ බවත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වන විද්යුත් නාලිකාවල විකාශය වන ප්‍රථම වැඩසටහන අද (31 දා) රාත්‍රී 8.30 සිට ජාතික රූපවාහිනිය සහ ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වීමට නියමිතය.

වත්මන් පාලනය මගින් තම නාලිකාවට පැනවුණ රුපියල් කෝටි 100 නව බදු මුදල නොගෙවීමට CSN නාලිකාවේ හිමිකාරිත්වය තීරණය කර තිබෙන බව වාර්තාවේ.

ඌව පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ එම්.පී ජයසිංහ මහතා ඉදිරියේ අද(30) දිවුරුම් දුන්නේය.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද රෝගීන් සැත්කම්වලට භාජනය වීමේ කි‍්‍රයාවලිය මුළුමනින්ම අඩාල වී අැත. හෘද ශල්‍ය වෛද්‍යවරුන් රාජකාරී කටයුතු වලින් ඉවත්ව යාම මෙම තත්වයට ප‍්‍රධාන හේතුව වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේය. එක් දිනකදී රෝගීන් හය දෙනෙකු සැත්කම් වලට භාජනය කළද මේ වන විට එම තත්වය මුළුමනින්ම මග හැරී ඇති බවද ඔහු ප‍්‍රකාශ කළේය. ඒ අනූව දැනට සැත්කම් සඳහා ලැයිස්තුගතව සිටින රෝගීන් සංඛ්‍යාව 650කට ආසන්නය.

ld add copy

Connet With Us