අමෙරිකාවේ නිළ සංචාරයක නිරතව සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද(12) අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා හමුවීමට නියමිතය.

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පෙරේදා (10 වැනිදා) කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමට ක්‍රීඩා කළ ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තජවුඩීන් මහතා මීට වසර 2 2/1 කට උඩදී අභිරහස්‌ අන්දමින් ඝාතනය කර මෝටර් රථයට දමා ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විමර්ශන ආරම්භ කර ඇත.

සංහිඳියාව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලියේ ප්‍රගතිය දැක ගැනීමේ අරමුණින් දකුණු අප්‍රිකානු උප ජනාධිපති සිරිල් රමපෝෂා (Cyril Ramaphosa) මහතා නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

අද දින(11) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කර තිබෙන 05/2015 චක්‍ර ලේඛනය අනුව මෙම මස සිට රජයේ සේවක වැ‍ටුපට රුපියල් 5000ක් දීමනාවක් එකතු කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් හා සන්ධානයේ හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා අද (11) අැප මත නිදහස් වූ මොහොතේ සිදු කළ ප්‍රකාශය අැතුළත් හඩ පටය පහතින්

පාසල්වල අවිධිමත් ලෙස මුදල් අය කිරීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛයට විරෝධය පළ කර අන්තර්විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය පේරාදෙණිය, වයඹ සහ සබරගමු විශ්වවිද්‍යාලවල අද(11)උද්ඝෝෂණ සංවිධානය කර තිබුණි.

මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නාය.

ld add copy

Latest News

Connet With Us