චාවාකච්චේරිය සංකස්‌ථාන දුම්රිය ස්‌ථානය ආසන්නයේ නිවසක්‌ අසල සිදු වූ පිපිරීමකින් පසු පොලිසිය සිදු කළ මෙහෙයුමකදී සුරක්‍ෂිතව වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 148 ක්‌ සොයා ගෙන තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී උමලිය ක්‍රීඩාංගණයේදී පැවැති ප්‍රචාරක රැස්‌වීමකට එවකට පොදු අපේක්‍ෂක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්‌ක කරගෙන වෙඩි තබා පලාගිය සිදුවීම සම්බන්ධව සිදුකළ පරීක්‍ෂණ මෙහෙය වූ මිරිහාන නොවිසඳුණු අපරාධ ඒකකය ඊට සම්බන්ධ බවට සැකකෙරෙන එක්‌ පුද්ගලයකු සහ වෑන් රථයක්‌ අත්අඩංගුවට ගෙන ඇත.

යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සම්බන්ධව එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හා ජාතික සභාව නියෝජනය කරන පක්‍ෂ අතර ඊයේ (26 දා) එළැඹි සාකච්ඡා අසාර්ථක වී අතරමග නවතා දමා ඇත.

හිටපු කර්මාන්ත ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතාගේ කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවීමට අදාළව බොදු බල සේනා සංවිධානයේ සැකකාර භික්ෂූන් හය කට මාර්තු මස 12 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ඊයේ (26) නොතිසි නිකුත් කරන ලදී.

එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එහි පළමු පියවර වශයෙන් මාර්තු පළමු සතියේ සිට නව සාමාජිකයන් බඳවා ගැනීම සිදු කරන බව කී වික්‍රමසිංහ මහතා එජාප සාමාජිකත්වය සියලු දෙනාටම විවෘත බව ද කීය.

sex කරන්න හොඳම වයස

Published in Gossip
Thursday, 26 February 2015 17:42

නිසි වයසට පැමිණීමත් සමඟ ලිංගික අවශ්‍යතා ඇතිවීම ස්වාභාවිකයි. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයේ යම්කිසි අවුලක් පැවතිය යුතුයි. නමුත් මේ නිසි වයස මොකක්ද කියන එක ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් තිබෙනවාද යන්න ගැටළුවක්. මේක නිසි වයසට එළඹීමට ප්‍රථම ලිංගික ක්‍රියා වල යෙදීම වගේම ලිංගික ජීවිතේ ඇරඹීම පමා කිරීම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඇතිවීමට මගපාදනවා. අද අපි මුලිකව කතා කරන්න උත්සහ කරන්නේ ගැබ් ගැනීමකදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව.

පසුගිය අඟහරුවාදා(24දා ) පැවති ජාතික විධායක සභාවේදී උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉරානය අතර අත්සන් කෙරුණු ගිවිසුම අතුරුදන්ව ඇති බව අනාවරණය වේ. ඉරාන රජයේ ආධාර යටතේ ආරම්භ වූ මේ ව්‍යාපෘතිය මේ වනවිට තවකාලිකව අත්හිටුවා ඇත.

මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ (Sea Marshel Officers)නිදහස් සේවා ගිවිසුම් අහෝසි කොට හිටපු ආරක්‍ෂක ලේකම් විසින් වංචා සහගත ලෙස ඇවන්ගාර්ඞ් පෞද්ගලික ආරක්‍ෂක සමාගමට පැවරීම සම්බන්ධව අන්තර් සමාගම් සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා තිබේ.

ld add copy

Connet With Us