කොළඹ මහ නගර සභාවට අයවිය යුතු රුපියල් ලක්ෂ 600ක මුදලක් නීති වි‍රෝධී ලෙස යුද හමුදාවට ලබාදීම පිළිබඳ වහා ම පරීක්ෂණයක් පවත්වන්නැයි නගරාධිපති ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අල්ලස් හෝ දූෂණ ‍පරීක්ෂණ කොමිසමට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස තුසිත හල්ලොලුව මහතා අද දින (2.9) හුණුපිටියේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී සුභ මොහොතින් රාජකාරි ආරම්භ කළහ.

සිදුකර ඇති මහා දූෂණ සහ වංචාවලට වගකිවයුත්තන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව තමාටද සැකයක් පවතින බවත් මෙම කටයුතු විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත්කරන බවත් අද (09දා) අරලගංවිලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූ බව වාර්තාවේ.

කුඩු ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද ආර්. සිල්වා මහතා අත් අඩංගුවට ගැනීම සඳහා ඉහළින් නියෝගයක් ලැබිය යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 

ප්‍රේමකුමාර් ගුණරත්නම මහතා ගේ දේශපාලන අයිතිය උදුරා නොගන්න ලෙසත් දේශපාලන සිරකරුවන් නිදහස් කරණ ලෙසත් ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එක්දින විරෝධතාවක් අද (05) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීය.

සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී ඇත.

නඩු විභාග වලදී සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන විධි විධාන පනත් කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සකස් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කලේය.

2013 වසරේදී පැවැත්වූ මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මනාප ප‍්‍රතිඵල වෙනස් කිරීමට අදාල සාක්ෂි තමන් සතුව පවතින බව එම පක්ෂය පවසුවේය.

ld add copy

Latest News

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක්

ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන...

Connet With Us