ගෑස් මිල ගණන් යළි පහත දැමීම සහ ඉන්ධන මිල ගණන් යම් තරමකින් පහත දැමීම යන කාරණා පිළිබඳ සැළකිලිමත් වෙමින් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන්ද පහත දැමීම සම්බන්ධයෙන් අවධානය යොමු වී අැත.
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කිරීම අද මධ්‍යහ්න දොළහෙන් අවසන් වේ.
ලංකාෙව් දෙමළ ජනතාවගේ ගැටලුවලට විධිමත් විසඳුමක් ඉදිරිපත් කිරීමට කිසිදු අපේක්ෂකයෙකු මෙතෙක් සමත් නොවීම හේතුවෙන් තමන් සහය පළ කරන්නේ කුමන පාර්ශවයට ද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු තමන් රට පාලනය කරන්නේ පොළොන්නරුවේ සිට බව විපක්ෂයේ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේය. ඔහු එසේ පැවසුවේ ඊයේ (06) පොළොන්නරුවේ පැවැති ජන හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් ලියෝ බ්ර්නට් සොලුශන්ස් වෙත රු. මිලියන 40ක කොන්තරාත්තුවක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා දී ඇත.
පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය ලබාදීමේ යෝජනාව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සම්මේලනයේදී ඒකමතිකව සම්මත වුණි.
ශ්‍රි ලංකා මුහුදු සීමාව උල්ලංඝණය නොකිරිමට තමිල්නාඩු දිස්ත්‍රික්ක 06 ධීවර සංගම් පොදු එකඟතාවයකට පැමිණ අැත.
මැතිවරණ මහලේකම් කාර්යාලය අවට හා කෝට්ටේ ප්‍රචාරක පුවරු ඉවත් කරන්න
ජනාධිපතිවරණයේ නාම යෝජනා බාරදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සහ පක්ෂ නියෝජිකටයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වනවිට පැවැත්වෙයි.