අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර

Published in පුවත්
Thursday, 26 March 2015 10:14

වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි.

ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත.

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ මසුන් මැරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට දෙපාර්ශවය අතර ගැටුම් ඇති කර ගන්නා අතර එහි ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශවයේම ධීවරයින් හා යාත්‍රා දෙරටේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මත නිදහස් කිරීම් ගැන දිනෙන් දින වාර්තා විය.

මෙම වාතාවරණය යටතේ පසුගිය අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා මීට පෙර සාකච්ඡා වට දෙකක්ද පැවැති අතර එම සාකච්ඡාවලදී දෙපාර්ශවය එම කතා බහ අවසන් කළේ එකඟතාවයකින් තොරවය.

එහෙත් මෙවර සාකච්ඡාවලදී දෙපාර්ශවයම ධනාත්මක ලෙස ඊට අවතීර්ණ වී ඇති බව පැවසේ.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us