ජනපති මෛත්‍රී චීනයට පා තබයි

Published in පුවත්
Thursday, 26 March 2015 10:27

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ.

චීන සමූහ ආණ්ඩුවේ විශේෂ ආරාධනයක් අනුව ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසක් විසින් හරසරින් පිළිගෙන ඇත.

ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද චීන ජනාධිපති ෂී ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් චීන මහජන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

දෙරටේ නායකයින් අතර ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

එමෙන්ම දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.

චීන ජනාධිපතිවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර ඇත.

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීන අගමැති ලීක්වෑන්ග් මහතා මෙන්ම චීන මහජන ජාතික කොංග්‍රසයේ විධායක කමිටු සභාපතිවරයා සමග ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවය.

11163569962 1

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us