සාදු ! සාදු !! සාදු!!! - මංගල හිමිගේ දේශනාව අහන්න (වීඩියෝ)
මඩකලපුවේ මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ විදුලිය විසන්දි කිරීමට පැමිණි විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට එහි විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අසභ්‍ය වචනයෙන් බැන වැඳුන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට මුදාහැර ඇත.
අයවැය කියවිමෙන් පසුව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනපති මහින්ද රාපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පැවැත්වූ තේ පැන් සංග්‍රහය ජාතික හෙළ උරුමය විසින් වර්ජන කර තිබේ.
නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට (ඩී.අයි.ජී.) අයත් රාජකාරි ගිනි අවිය කොටහේනේ පිහිටි නිවසේදී පෙරේදා (23 ) රාත්‍රියේ හදිසියේ පත්තු වීමෙන් නියෝජ්‍ය පොලිස්‌පතිවරයාගේ 14 හැවිරිදි පුත්‍රයා තුවාල ලබා රෝහල් ගත කර ඇත.
හිටපු බලශක්ති ඇමැති පාඨලි චම්පික මහතා වෙත කෝටි 150 ක චෝදනාවක් නඟා, ඒ පිලිබඳ පරීක්ෂන පැවැත්වීමට නියෝග දෙන වත්මන් විදුලිබල ඇමැතිනි පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියගේ පාලනය යටතේ දිනකට කෝටි 15 ක් වංචා සිදුවන බව වාර්තාවේ.
2015 වසර සදහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඊයේ (24) ඉදිරිපත් කළ අයවැය ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාගැනීමට ජනතාවට ලබා දුන් ඡන්ද අල්ලසක් බව විපක්ෂය චෝදනා කරයි.
ගල් අඟුරු බෑම හා අනිකුත් සෑම දෙයක්ම සිදුකළේ නීතිපතිවරයා දුන් උපදෙස් අනූව බවත්, යම් අකටයුත්තක් වී ඇත්නම් නම් වහාම පරීක්ෂණ කළ යුතු බවත්, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියා සිටියි.
මාදම්පේ ප්‍රදේශයේ 'දේවගැතිවරයකු' තම යාච්ඤා මධ්‍යස්‌ථානයට පැමිණ දැරියන් දෙදෙනකු දූෂණය කර අනතුරුව තමන් ද වස පානය කොට මියගිය පුවත පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කොට තිබිණි.
ශී‍්‍ර ලංකාවේ 28 වන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් යුවන්ජන වනසුන්දර විජයතිලක මහතා ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අරලියගහ මන්දිරයේදීය.