ස්ත්‍රීන් ලෙස ජීවත් වීම තෝරා ගත් පිරිමින්ට මැලේසියානු බලධාරීන්ගෙන් වෙනස්කම් සිදුවන බව හියුමන් රයිට්ස් වොච් මානව හිමිකම් සංවිධානය පවසයි.
මැලේසියාවේ ආගමික පොලිසිය මෙවැනි පුද්ගලයන්ට ශාරීරික මෙන්ම ලිංගික වශයෙන් අඩන්තේට්ටම් කරන බව ඔවුන් පවසති.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් විශේෂ මෙහෙයුම් මධ්‍යස්ථානයක් විවෘත කොට තිබේ.
ආර්ථික සංවර්ධන ඇමති අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් එම මධ්‍යස්ථානය විවෘත කළ අතර මෙය ඉතා ඉක්මනින් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමේ පෙරනිමිත්තක් බව දේශපාලන නිරීක්ෂකයන් පවසති.
උඩුදුම්බර, මිමුරේ ගම්මානය නැරඹීමට ගිය පිරිසක් එහි ලකේගල නමැති කන්ද තරණය කිරීමට යාමේදී එක් අයෙක් එහි ගලකින් වැටි ජිවිතක්ෂයට පත්වී තිබේ.
පසුගියදා 16 වනදා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ අයුරින් එදිනම මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කළ යුතු වුවද මෙම සහනය ලබා දෙන්නේ ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා පමණක් බව මහ භාණ්ඩාගාරය නිවේදනය කර ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජිකයකෙු සහ හිටපු පළාත් සභා මන්ත්‍රී මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ජනප්‍රිය තරුණ ක්‍රියාකාරිකයකු වූ වරුණ දීප්ති රාජපක්ෂ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදීමට නියමිත බව මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.
2014 ඡන්ද හිමි නාම ලේඛනය ප්‍රතිශෝධනයට අදාළ අභියාචනා ලබන අඟහරුවාදා (30)ට පෙර ඉදිරිපත් කරන ලෙස මැතිවරණ මහලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලීම් කර තිබේ.
පළාත් සභා මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පළාත් පාලන ආයතන විපක්ෂ නායකවරුන් කිසිවෙකුටත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සෘජු අවසරයකින් තොරව මින් ඉදිරියට පිටරට යා මට අවසර නොමැති බවට දැනුම් දී ඇත.