තමන් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බව හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් වහාම සිවිල් නිලධාරීන්ගෙන් සමන්විත පරික්ෂණ කමිටුවක් පත් කළ යුතු බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලුම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව.7.30 සිට ප.ව 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2012 වර්ෂයේ නොවැම්බර් 26 දින රාත්‍රියේ කොළඹ පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල ගිනි ගැනීම ගැන විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ 'දිවිනැඟුම' ව්‍යාපෘතියේ ඇට, පැළ බෙදා දීම සඳහා රුපියල් කෝටි 500ක් වියදම් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනාධිපතිවරණය දා රාත්‍රියේ රාජපක්ෂ ආණ්ඩුව බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණය සඳහා ගජබා රෙජිමේන්තුවේ බළඇණි 07ක් යොදවා තිබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අංශයේ සේවක වැටුප් වැඩිවීමට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය නීති සම්පාදනය කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් ලබාදෙන ලෙසට අන්තර් සමාගම් සේවක සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස්‌ දින උත්සවය කෝට්‌ටේ පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us