එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා එජාප නායකත්ව මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇතැයි පක්ෂයේ නිල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ වැඩි ජනසංයුතියක් සහිත දිස්ත‍්‍රික් 2ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම ඡන්ද විමසීම පැවති අතර වඩා වැඩි කාර්යභාරයක් නිළධාරීන් වෙත පැවරී තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

ඌව පළාත් සභාවට ජවිපෙන් තරඟ කළ මොණරාගල, මදුරුකැටියේ පී.පී.ජී විජේසිරිගේ නිවසට හා අපේක්ෂක අනුරකුමාර වික්‍රමසිංහගේ මවගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් සංචාරක පක්ෂීන්ගේ ප්‍රධානම නවාතැන්පොළක් සහ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මන්නාරම කෝරකූල්ලම් තෙත් බිම තුළ පිහිටි කඩොලාන ගලවා දමමින්, ජනතාවට ඉඩම ලබාදෙමින් සිටින බව තෙත් බිම උරුමය සුරැකීම සංවිධානය පවසයි.

ඌව පළාත් සභා ඡන්ද විමසීමේදී සියයට 40 ඉක්මවන ඡන්ද ප‍්‍රතිශතයක් අත්කර ගැනීමත් සමග ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවේ.


අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිම සම්බන්ධව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

 

ඌව පළාත් සභා මන්ත‍්‍රීවරු 16 දෙනෙක් පෙරේදා (20) පැවති ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.

පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වාර්තා කර ඇත.

ld add copy

Connet With Us