රුපියල් මිලියන 113ක වියදමින් ඉදිකළ සුගතදාස ක්‍රිඩංගනයේ ධාවන පථය පළමු ශ්‍රේණියේ ධාවනපථයක් බවට සහතික ලබාතිබියදී එහි තැනින් තැන පළුදු වී ගොස් ධාවන පථය විනාශයට පත් වූ අතර මේ අනුව අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය චෝදනා කොට සිටියේ පථය ඉදිකළ විදේශීය සමාගමටය.

ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිමට අදාළ කරුණු විවෘත අධිකරණය හමුවේ විභාග කරන ලෙස ඉල්ලා මෝසම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඉබෝලා වෛරසය සමග සටන් කිරීමට තරම් ප්‍රමාණවත් පහසුකම් තමන්ට මේ වනතුරුත් ලැබී නොමැති බව බටහිර අප්‍රිකාවේ ඉබෝලා වසංගතය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සංවිධාන මෙහෙයුම් ප්‍රධානී ටෝනි බැන්බරි පවසයි.

බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංගගේ පිළිකුල් දේශපාලන ක්‍රියා හෙළා දකින බව හෙළාදකින බව ලංකා ගුරු සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ පිළිබඳ දන්වා සිටී.

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී මත හැට්ට කට්ටකින් සිය නම ලිවීමට උත්සාහ කළ බව කියන පාසල් සිසුවියක් සීගිරිය පුරාවිද්‍යා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ  නොකිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් 'මව්බිම' පුවත්පතේ අධිපති ටිරාන් අලස් මන්ත්‍රීවරයා බලවත්සේ නොසන්සුන් වී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි අදියර යළිත් අක‍්‍රිය වී ඇතැයි වාර්තා වෙයි.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් යන්ත‍්‍රය නවතා දැමීමට කටයුතු කර ඇතැයි මේ ගැන අදහස් දක්වමින් බලාගාරයේ බලධාරියෙකු සදහන් කල අතර ඊට දින 10ක කාලයක් ගත වන බවද කීය.

ඉදිරි ජනාධිපතිවරණයෙදී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු සන්ධානයක් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක්  සඳුදා (10) සිදුවනු ඇති බව 'ලංකා ඩේලි' වෙත වාර්තාවේ. 

ld add copy

Connet With Us