ඉබෝලා වෛරසය බටහිර අප්‍රිකාව පුරා පැතිරීම පාලනය කිරීම සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක්වත් ගතවිය හැකි බව සෞඛ්‍යය ක්ෂේත්‍රයේ පුණ්‍යායතනයක් වන MSF පවසයි.

රජයට සම්බන්ධ බලවතුන් බාරයේ හොරෙන් අල්ලාගන්නා ලද අලි පැටවුන් 23 දෙනෙකු සිටින බවට සබරගමුව පළාත් සභාවේ එජාප මන්ත‍්‍රීන් වන සන්දීත් අමරසිංහ හා හේෂාන් විතානගේ යන මන්ත‍්‍රීවරු පළාත් සභා රැස්වීමේදී චෝදනා කළහ.

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ‍්‍රී ලංකා පිල අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවති දෙවන ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකා පිලට ලකුණු 105ක විශිෂ්ඨ ජයක් හිමි විය.

 මම සුදුස්සෙකුද? යන්න තීරණය කළ යුත්තේ ; මා ගැන සිතා විනා මගේ තාත්තා කවුද යැයි සිතා නොවේ. කෙසේ නමුත් ප්‍රංශයේ හිටපු ජනපති මිතොරොන්ග් මගේ පියාය.

ඉන්දීය කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං  දෝනි සිය නායක්තවයෙන් ඉවත්වීම පිළිබඳව ඉඟිපළ කර  තිබෙන බව බී.බී.සී. පුවත් සේවය පවසයි. එංගලන්තය හමුවේ ලද තරගාවලි පරාජයෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමේදී මේ විශ්‍රාම ගැනීම පිළිබඳව ඉඟිපළ කර තිබෙන බවද බී.බී.සී.  පුවත් සේවය පැවැසීය.

නවගමුව - බටේවෙල ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ඌව පළාත දවසින් දවස දුප්පත් වෙද්දී, රාජපක්ෂ රෙජීමය දවසින් දවස පොහොසත් වන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

සිය වැඩිමහල් සහෝදරයාගේ බාලදක්ෂ ලේන්සුව සෙල්ලමට ගෙලෙහි ගැට ගැසූ මොහොතේ එය සිර වී අනතුරට ලක් වූ දොළොස් හැවිරිදි දරුවකු කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (17) මිය ගොස් තිබේ.

ld add copy

Connet With Us