මෛත්‍රීපාලනයට අලුත් දූෂිතයන් ‍රැළක් !

Published in පුවත්
Saturday, 10 January 2015 08:43

ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන වූ පොරොන්දුවත් දූෂණයෙන් වංචාවෙන් තොර පරිපාලන ව්‍යුහයක් ගැන වූ පොරොන්දුවත් නිසා මෛත්‍රීපාලනයක් සම්බන්ධයෙන් සුභවාදී බලාපොරොත්තු ගොඩනඟා ගත්තද එම බලාපොරොත්තු පළමු පැයේදීම බීද වැටෙන ලකුණු පහළව තිබේ.

මේ වන විටත් විවිධ දූෂිත ක්‍රියාවන් හා තක්කඩිකම්වල නියැලුන පුද්ගලයන් රාජ්‍ය පාලනයේ මර්මස්ථාන අත්පත් කර ගැනීමේ උත්සහයක නිරතව සිටින බව වාර්තාවේ.

මේ තත්වය ඊයේ සිටම දකින්නට ලැබිණි. පැවැති පාලනයෙන් කිසිවක් කර කියා ගන්න නොහැකි වූවන් පෞද්ගලික අභිමතාර්ථයන් ඉෂ්ඨ කර ගැනීම සඳහා අලුත් ආණ්ඩුවේ අලුත් මිතුරන් ලෙස ඊට ලංවීමට ගන්න උත්සාහය පරාජය නොකළ හොත් ඒ රාජපක්ෂ පවුල් පාලනයට වඩා වෙනස් වන්නේ නැත. මේ වන විට ඇමැතිකම් ලබා ගැනීම සඳහා රාජපක්ෂ ‍රැක ගැනීමට අවසන් මොහොත දක්වාම පෙනී සිටිවුන්ද පොරකමින් සිටින බවත් වාර්තාවේ.

මේ අතර ජේෂ්ඨ පුවත්පත් කළාවේදී සුන්දර නිහතමානිද මැල් ප්‍රධාන කර්තෘවරයා ලෙස කටයුතු කල සිළුමිණ පුවත්පතේ කටයුතු වලින් ඔහුව ඉවත්කර තබා එහි වගකීම එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වරයකු ලෙස කටයුතු කළ පාලිත ධර්මරත්නට ලබාදීමට ලේක්හවුස් පරිපාලනය තීන්දු කර තිබේ. පසුගියදා ජනාධිපතිවරණය වෙනුවෙන් සිළුමිණ පුවත් පතෙහි අතිරේකයක් ලෙස නිකුත් කළ "චෞර රජින" සංස්කරණය කළේද මෙම පාලිත ධර්මරත්න නැමැති රාජපක්ෂවාදියාය.

ඊයේ පැවැති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයටද මේ තක්කඩීන් ගනනවක් සහභාගී වී සිටිනු දකින්නට ලැබිණි. ඇතැමුන් ජනාධිපතිවරණයේදී රාජපක්ෂ වෙනුවෙන් කෝටි ගනනක් වියදම් කළ ව්‍යාපාරිකයන්ය..ඒ අතර බැසිල් රාජපක්ෂගේ මඩ ෆේස්බුක් ව්‍යාපෘතිය වෙනුවෙන් වියදම් කළ ව්‍යාපාරිකයකුත් සිටිනවා දකින්නට ලැබිණි.

Last modified on Saturday, 10 January 2015 08:45

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us