නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට බව ගොවිජන සංවර්ධන කාර්යාලය පවසයි.  එහි ජල කළමනාකරන අංශයේ ප‍්‍රධානී ප‍්‍රභාත් විතාරණ මහතා  සදහන් කළේ එම දිස්ත‍්‍රික්කවල භූගත ජලය ද සිදී ගොස් ඇති බවයි.

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරු ළිඳකට වැටී මිය යාමෙන් පසු  සිදු කෙරුණ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනහළුවල ජලය නොතිබීමත් , දිව තුවාල වී තිබීමත් සැක සහිත කරුණු බව ප්‍රකාශවී ඇත. 

කොලොන්නාව නගර සභාවේ ඉකුත් 02 දින දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එහි උප සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වැල්ලම්පිටිය ‍පොලීසිය පවසයි.

කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව මහේල ජයවර්ධන පවසයි.

සුපිරි බොලිවුඞ් නිලි ජැක්ලින් ෆර්ඩිනැන්ඞ්ස් කටුවායක ගුවන් තොටුපලේදී විදේශ ගමන් බලපත‍්‍රය අවලංගු වී තිබිදයදී පසුගියදා ගුවන් තොටුපල බලධාරීන් විසින් රඳවා ගෙන තිබේ.

කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා සතු අලි පැටවා නීතියට පටහැනිව ලබා ගත් එකකු  බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද විගණන විමසුමක් මගින් හෙලිදරව් වී ඇත.

නිට්ටඹුව ප‍්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටි වෛද්‍යවරියක අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ දී බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු ඔහුගේ පෞද්ගලික මෝටර් රථයෙන් ඇය අධිකරණය වෙත රැගෙන යෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියක් යවමින් ඉල්ලා ඇත.

ඌව පළාත් සභාවට තරග වදින ජාතික නිදහස් පෙරමුණේ අපේක්‍ෂකයෝ අද (03) බත්තරමුල්ලේ පිහිටි පක්‍ෂ ප‍්‍රධාන කාර්යාලයේදී සිය නාමයෝජනා පත‍්‍රවලට අත්සන් තැබූහ.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us