මහ කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සුමිත් එදිරිසිංහ මහතා කළුතර හා පානදුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ පිළිබඳ සොයා බැලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටුව වෙත ඇසින් දුටු සාක්ෂිකරුවන් ලෙස පිරිසක් ඉදිරිපත් කිරීමට  එල්.ටී.ටී.ඊ.  හිතවාදී ජාත්‍යන්තර සංවිධානයක් වන “සංක්‍රාන්ති දෙමළ ඊළාම් රාජ්‍යය” සැලසුම් කර ඇත.

ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුගිය කාලය තුළ සිදු වූ රහස් ගනුදෙනු සහ අක්‍රමිකතා රැසක් පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වක් පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ලබන 5 වැනිදා සිදුකිරීමට නියමිතය.

බෙල්ලන්විල සිත්තරා නමින් ප්‍රකට වූ සෝමබන්ධු විද්‍යාපති නර්තන ශිල්පියාගේ ප්‍රියම්භිකාව වන මාලතී සෝමබන්ධු නර්ථන ශිල්පිණිය ඊයේ අභාවප්‍රාප්ත විය.

සිවු හැවිරිදි දිනිදු යෂේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියට එහි සැකකරුවන් භාවිත කොට ඇති දුරකතන සබඳතා අයිති සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශඛ අජිත් රෝහණ මහතා පවසයි.

මෙරට වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ මරණවලින් සියයට 50 ත් 60 ත් අතර ප්‍රමාණයක්‌ සිදු වීමට මව්කිරි දීමේ වැරැදි හුරුපුරුදු මත ඇති වන මන්දපෝෂණය බලපා ඇති බව අනාවරණය වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම මහත්මිය පැවැසුවාය.

රාජපක්ෂලා රටේ අඳුර නිමා කලේ නයිට් රේස් සඳහා විදුලිය දැමීමෙන් බව විපක්ෂ නායකවරයා පවසයි.

පසුගිය මාස 9 වන දින අනුරාධපුරයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පිත්තල මංජුසාවක බහා තිබූ නිල් පැහැති පාෂාණය මිල කළ නොහැකි පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකක් බවට ඊයේ (01) අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී තහවුරු වී තිබෙනවා.

ld add copy

Latest News

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අද (18) සහ හෙට (19) විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත ප...

Connet With Us