දිවයින පුරා සිඟමන් යදින වීථි දරුවන් 20,000ත් - 30,000ත් අතර පිරිසක් සිටින බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ජාත්‍යන්තර අවන්හල් ජාලයක් වන McDonald's හි මෙරට මෙහෙයුම් කටයුතු තාවකාලිකව මේ වන විට අත්හිටුවා තිබේ.

ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳ සැල් පරීක්ෂා කිරීම සඳහා දිවයිනපුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3,000ක් යොදවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

සර්කොනියම් සෙරමික් යන මූලද්‍රව්‍යය මෙරට පුල්මුඩේ ඛනිජ වැලි නිධියෙන් පළමු වරට සොයා ගෙන තිබේ.

දකුණු ආසියානු කලාපයේ විශාලතම මාතෘ රෝහල ලෙස සැලකෙන ගාල්ල, කරාපිටියේ ඉදිකළ ජර්මන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව නව කාන්තා රෝහල ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ විවෘත කර තිබේ.

වසර දහතුනක් තිස්සේ නිම කරලීමට අපොහොසත් වී ඇති ජෝන් ද සිල්වා සමරු රඟහල සහ වසා දමා ඇති ජාතික කලා භවන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට (26 වැනිදා) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයට පෙර ජාතික කලා භවන විවෘත කිරීම සඳහා පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ආණ්ඩු පක්ෂය විසින් විපක්ෂයේ ක්‍රියාකාරීත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන ලෙස  ප්‍රජාතන්ත්‍රවාදය මුළුමණින්ම ආරක්ෂා කරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ld add copy

Connet With Us