ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් අධිකරණය අර්ථකථනයක් ලබාදෙන තුරු මැතිවරණ කොමිසම නියමිත පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක් ඉල්ලා සිටියේ තමාගේ තනි කැමැත්තට බව ව්‍යාපාරික සී.ඩී.ලෙනව පවසයි.

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පෙරේදා පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බව බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පැවසීය.

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ලබා ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ලිපි හෝ කෙටි පණිවිඩ ලැබුණ ද තමන් මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැති නම් ඒ බව ලිඛිතව දැනුම්දීමෙන් බදු ගෙවීමෙන් වැලකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළේය.

ld add copy

Connet With Us