ඇමති විජයදාස ඇතුළු පිරිසක් වෙත නොතීසි

Published in පුවත්
Friday, 26 July 2024 14:44

රිමාන්ඩ් සිරකරුවන්ට ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණයවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඇතුළු පිරිසක් වෙත නොතීසි යවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) නියෝග කළේය.

රිමාන්ඩ් සිරකරුවන්ට ඡන්ද අයිතිය ලබා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සිරකරුවකු වන සුදේශ නන්දිමාල් ද සිල්වා මහතා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා වෙත මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරසිටින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් වෙත අගෝස්තු මස 08 වනදා මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසත් නියෝග කෙරුණි.

පෙත්සම්කරු කියා සිටින්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු අධිකරණයක් මඟින් වරදකරු කරන තුරු ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවන බවත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව සැලසෙන බවය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව සෑම සිරකරුවෙකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකිය යුතු බවත් සාමාන්‍ය පුද්ගලයකු භුක්ති විදින සියලු වරප්‍රසාද ඔහුට සලසා දීමට පියවර ගත යුතු බව අවධාරණය කර ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම්වලදී ඡන්දය ප්‍රකාශ කරීමට සුදුසුකම් නොලබන සිරකරුවන් කවුරුන්දැයි පැහැදිලිව සඳහන් කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු ඊට අධිකරණය මඟින් වරදකරු නොකළ රිමාන්ඩ් සැකකරුවන් අයත්ව නොමැති බවත් පැවසුවේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

තමාද ඉකුත් කාලයේ වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම නිසා මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් පෙත්සම්කරු මේ ආකාරයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතිවිශාල සැකකරුවන් පිරිසකට මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි වී තිබෙන බවත් සඳහන් කළේය.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව ඡන්දය දීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් 20,000කට අධික පිරිසක් සිටින බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසුවේය.

එබැවින් ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දන්වමින් මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us