හෙද නිලධාරීන්ට පත්වීම් ලබාදීම ඔක්තෝබර් මාසයේ සිදු කරන අතර පත්වීම් ලබන සියලුදෙනා උතුරු නැඟෙනහිර රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල සේවාවට අනුයුක්ත කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවට පැමිණි දැවැන්තම විදේශ ආයෝජන යෝජනාව වන, ඩොලර් බිලියන 3.5 ක් පමණ වන හම්බන්තොට සිනොපෙක් ඛනිජ තෙල් පිරිපහදුව පිළිබඳ යෝජනාව මේ වන විට ඇණ හිට ඇති බව වාර්තා වේ.

තනි පරිගණක යෙදවුමක් ඔස්සේ මහජනතාවට රජයේ සේවාවන් ලබාගැනීමට හැකි වන පරිදි 'රජයේ සුපර්ඇප්' යෙදවුමක් (Government Superapp) නිර්මාණය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබේ.

තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ඉදිරියේදී පොහොර ලබාදීමේදී QR කේතයක් ලබාදීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන් පන්දහසකට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් හතරකට බෙදීමෙන් සේවකයන්ට සිදුවන අසාධාරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම මණ්ඩලයේ වෘත්තිය සමිති ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ග වැඩ වර්ජනයක් තෙක් දැඩි කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (24 වැනිදා) ගන්නා බව එම වෘත්තිය සමිති නායකයෙක් පවසයි.

ld add copy

Connet With Us