සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම වැඩිහිටි දීමනාව අද (26) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරේ.

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (26) අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටු වීමේ වැඩසටහන යටතේ මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සත්කා මධ්‍යස්ථාන සියයක් ජනගත කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි.

රජයේ “සුවපත් රටක් උදෙසා" (HEALTHY SRI LANKA) නව්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි ස්ථානයක ස්ථාපිත කරන මෙම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථානය
ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ලෙස නම් කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතිය යටතේ මෙම මස 26,27,29 සහ ඔක්තෝබර් 02 යන දිනයන්හි දී ගාල්ල, රත්නපුර, කළුතර,
මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක පහ ආවරණය වන පරිදි ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන පහක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

සැප්තැම්බර් 26 වන දා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ පළමු මධ්‍යස්ථානය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ, මාපලගම ආරෝග්‍යා
සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමට නියමිත අතර මාපලගම, තල්ගස්වල, ගෝනලගොඩ සහ ගෝනලගොඩ නැගෙනහිර
යන ග්‍රාමනිලධාරී වසම්වල ජීවත්වන පන්දහසකට ආසන්න ජනතාවකට මෙමගින් සුව සේවාවන් සැපයෙනු ඇත.

නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විපක්ෂය ,ඉදිරියේදී කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දෛනිකව මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 15 දෙනකු වාර්තා වන බවත් එසේම දිනකට පියයුරු පිළිකා රෝගීන් තිදෙනකු මියයන බවත් ජාතික පිළිකා මර්දන වැඩසසටහන අනාවරණය කරයි .

නෙළුම් කුලුන කළමනාකරණ සමාගමේ ආදායම සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව එහි සභාපති ශිරන්ත පීරිස් පවසයි.

සිය ඥාතින්, මිතුරන් හා පවුලේ සාමාජිකයන්ගේ දුම්කොළ, මධ්‍යසාර සහ බුලත්විට භාවිතය නතර කර දෙන ලෙස ඉල්ලා දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියට දුරකථන ඇමතුම් හත්දහස් හතළිස් නවයක් (7049) ලැබී තිබේ.

ld add copy

Connet With Us