අයහපත් කාලගුණයෙන් උතුරු පළාතේ නවදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත.

හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ ආසන්නයේදී සුරංගනා කතාවලින් ජනතාව රැවටීම නවතා ජාතියේ වර්ධනය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කර තිබිණි.

මරඳගහමුල සුළු සහ මධ්‍යම පරිමාණයේ සහල් ව්‍යාපාරයෙහි නිරත ව්‍යපාරිකයන් වෙනුවෙන් ඉදිකර වසර නවයකට ආසන්න කාලයක් අත්හැර දමා තිබූ සහල් තොග වෙළඳ මධ්‍යස්ථානය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) විවෘත වේ.

වෙළඳපොළෙහි පවතින දුම්වැටි වලින් සියයට 29 ක්ම නීතිවිරෝධි දුම්වැටි බව හෙළිව තිබේ. 2023 දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ බුද්ධි ඒකකය (RIUNIT )හි ප්‍රතිපත්ති පත්‍රිකා මගින් නීතිවිරෝධී දුම්කොළ අංශයේ සැලකිය යුතු වර්ධනයක් සිදු ව ඇතැයි අනාවරණය කරන අතර, ඒ අනුව ආර්ථීකයේ නීති විරෝධී සිගරට් වෙළඳපල පංගුව 2022 දී 16% සිට 29% දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් කරයි.

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

ld add copy

Latest News

Connet With Us