එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.

මත්කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීමේදී ජනතා සහාය අත්‍යවශ්‍ය බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

උත්සව සමයේ බිත්තර මිල අඩු කිරීමට හැකියාවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත.

දෙවන එළිසබෙත් මහ රැජිණගේ සහ පිලිප් එඩින්බ‌රෝ  කුමරුගේ එකම දියණිය හා දෙවන දරුවා වන එංගලන්තයේ ඈන් කුමරිය මෙරට සංචාරයක් සදහා නිරත වෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ.

තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩසටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙළ යටතේ 2018 වසරේ සිට ආනයනය කළ පොහොර තොග ගොවි ජනතාවට ලබානොදී වැඩි මිලට විවිධ කර්මාන්තශාලාවලට අලෙවි කර රජයට පාඩු කළ බව කියන සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

ld add copy

Latest News

Connet With Us