ජපානයෙන් ලංකාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්, සුහුරු (Smart) වැසිකිලි පද්ධතියකුත් හිමි වෙයි  

Published in පුවත්
Thursday, 11 April 2024 13:06

ජපන් රජයේ ප්‍රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් මෙරටට හිමිවී තිබේ.

මෙම යන්ත්‍ර හිමි වී තිබෙන්නේ කටුනායක ගුවන්තොටුපොලේ මෙහෙයුම් සහ කොළඹ වරායේ මෙහෙයුම් සඳහා බව වාර්තාවේ.

ඊයේ (10) කටුනායක ගුවන්තොටුපොලේ දී එහි පළමු උපකරණ තොගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිෂුකොෂි හිඩෙයාකි විසින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත භාර දි ඇත.

එහිදී ඇමැති නිමල් සිරිපාල ද සිල්වා අදහස් පළ කරමින් මෙලෙස පැවසීය.

“ශ්‍රී ලංකාවට ඇතුළු වන ප්‍රධාන දොරටුව වන කටුනායක ගුවන්තොටුපොළට සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අධි තාක්ෂණික උපකරණ ඇතුළත් ප්‍රදානයක් දිගුකාලීන අවශ්‍යතාවක් සපුරාලීමක්. මේ පිළිබඳව විෂය භාර ඇමැතිවරයා ලෙස ශ්‍රී ලාංකික ජනතාවගේ සහ රජයේ කෘතවේදීත්වය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙනි.

images 3

කෙසේ වෙතත් මෙම ස්කෑන් යන්ත්‍ර මගින් විදේශිකයන් විසින් මෙරටට පැමිණීමේ දී පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සිදු කරනු ලබයි. එමෙන්ම සංක්‍රමණිකයන් සඳහා වු ජාත්‍යන්තර සංවිධානය (IOM) විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ රෝග නිශ්චය කරනු ලබන ස්කෑන් යන්ත්‍රවලට අමතරව ගමන් මලු ස්කෑන් යන්ත්‍ර, සම්පූර්ණ ශරීර ස්කෑන් යන්ත්‍ර, විදේශීය ගමන් බල පත්‍ර ස්කෑන් යන්ත්‍ර සහ ජෛව මිතික ප්‍රවේශ පාලන පද්ධතියක්ද ලබා දීමට කටයුතු කරයි.

මෙයට අමතරව කටුනායක ගුවන්තොටුපල තුල ඒකක 150 කින් යුතු සුහුරු (Smart) වැසිකිලි පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරනු ලබන බවත් වාර්තා වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us