ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ. එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ “චැනල් 4” නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මඟින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පිහිටුවීමට තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට අපේ ජන බල පක්ෂය ගත් තීරණය නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13) තීරණය කිරීමත් සමග රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එම පක්ෂය ගත් තීරණය බල රහිත කරන ලදි.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේ එක් දින ධීවර යාත්‍රාවන් සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ විය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

ඊශ්‍රායලයට හමාස් සංවිධානය විනාශ කිරීමට හමුදා ක්‍රියාමාර්ග ගත හැකි නමුත් ගාසා තීරය විනාශ කළහොත් ලැබෙන ප්‍රතිචාරය මොකද්ද? යනුවෙන් ප්‍රශ්න කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන් පැය 24න් මුළු තත්ත්වයම වෙනස් වෙන බවත් ආණ්ඩුවලට තත්වය පාලනය කිරීමේ හැකියාව අහිමි වෙන බවත් පවසයි.

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පරිසර අමාත්‍ය ධුරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇත.

ld add copy

Connet With Us