ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි.

'' Resilent Lady '' කොළඹ වරායට

Published in පුවත්
Tuesday, 14 November 2023 09:47

අති සුඛෝපභෝගී Resilent Lady මගී නෞකාව ඊයේ (13) කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට සේන්දු වි ඇත.

විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද (14) සිට ආරම්භ වේ.

විදේශ ගත ශ්‍රමිකයින් විසින් රුපියල් කෝටි 240,000ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසා ඇත.

අයවැය පිළිබදව මැති සබයේ අදහස් කිහිපයක්

  අය වැයේ කතාව 

Published in පුවත්
Monday, 13 November 2023 16:28

අයවැයේ වැඩපිළිවෙළ සමඟ රටට අලුත් අනාගතයක් නිර්මාණය කිරීමට පක්ෂවිපක්ෂ බේදයකින් තොරව එක්වන්න - ජනපති.

සුරා බද්ද වැඩි කිරීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය අඩු වී කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුවත් කර සුරා බද්ද අඩුකර ගැනීමට අවධානය යොමු කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනතාව කසිප්පු භාවිත කිරීම ඉහළ යාම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එහිදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

‘‘මත්පැන් භාවිතය අඩුවීම සිදුව ඇත්තේ මත්පැන් මිල ඉහළ යාම නිසයි. මේ සඳහා විකල්ප දෙකක් තියෙනවා. සුරා බද්ද අඩු කිරීම හෝ ගල් අරක්කු බෝතලයක මිල අයවැයෙන් අඩු කිරීම. නැතිනම් ජනතාව කසිප්පු බීලා මැරෙයි. රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරමින් ප්‍රකාශ කර තිබේ. මෙහිදී ජනාධිපතිවරයාද ප්‍රකාශකර ඇත්තේ කසිප්පු භාවිතය ඉහළ ​ගොස් ඇති බව තමන්ද පිළිගන්නා බවයි. ‘‘මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන්නා. ඒ අය කසිප්පු ගැන දන්නේ නැහැ. සුරා බදු වැඩි කිරීමෙන් මත්පැන් භාවිතය අවම කිරීම ගැන තමයි අරමුදල කතා කරන්නේ. ලබන සාකච්ඡා වටයේදී දත්ත සහිතව කතා කරලා සහනයක් ගමු ’’ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ld add copy

ක්‍රීඩා

Connet With Us