වෙළඳපොළෙහි පවතින දුම්වැටි වලින් සියයට 29 ක්ම නීතිවිරෝධි දුම්වැටි බව හෙළිව තිබේ. 2023 දී ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ බුද්ධි ඒකකය (RIUNIT )හි ප්‍රතිපත්ති පත්‍රිකා මගින් නීතිවිරෝධී දුම්කොළ අංශයේ සැලකිය යුතු වර්ධනයක් සිදු ව ඇතැයි අනාවරණය කරන අතර, ඒ අනුව ආර්ථීකයේ නීති විරෝධී සිගරට් වෙළඳපල පංගුව 2022 දී 16% සිට 29% දක්වා ඉහළ ගොස් ඇති බව සදහන් කරයි.

පාසල් සිසුන් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ගතවු පැය 24 කාලය තුළ දිවයින පුරා සිදුකරන ලද විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයාව සිටියදී දිවයින පුරා ඉදි කිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

දිවයින පුරා සිටින වනජීවී නිලධාරීන් අද (18) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අද(18) සිට දිවයිනේ පළාත් 6 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ld add copy

Latest News

Connet With Us