2023 අයවැය යෝජනා අතරින් 86%ක් මේ වන විට ක්‍රියාත්මක බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වෛද්‍යවරු විදේශගත වීමේ සංඛ්‍යාව මේ වන විට අඩු වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

මේ දිනවල ළමුන් අතර රෝග කිහිපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ශ්‍රී ලංකා හිටපු නායක අර්ජුන රණතුංග පසුගියදා ක්‍රිකට් සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කනගාටු වන බව ජනාධිපති වික්‍රමසිංහ පවසා ඇත.

නාවලපිටිය රඹුක්පිටිය මහා විද්‍යාලයේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් තම ආහාර රැගෙන ආ ලන්ච් ෂිට් සහ පත්තර පිටු එම පාසලේ විදුහල්පතිවරයා විසින් සිසුන්ට කවා ඇති බව දෙමාපියන් චෝදනා කරඇති බවට වාර්තාවේ.

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වේ.

ආණමඩුව වෙම්බුවැව පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු ඔහුට අයත් දෙමහල් නිවෙසේ උඩුමහලේ ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන සිටියදී ඊයේ (22) හමු වූ බව ආණමඩුව පොලිසිය සඳහන් කළේය.

ld add copy

Connet With Us