ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.

මෙරට රැදී සිටින විදේශිකයින්ගේ සියලු වර්ගයේ වීසාවල වලංගු කාලය දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමඟ පවසා තිබේ..

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට ඇප ලබා දෙනවාද නැද්ද යන්න පිළිබද තීන්දුව අද ලබා දීමට නියමිතයි.

ඉතිහාසයේ කිසිඳු කාලපරිච්ඡේදයක ඒකාධිපති හෝ ඒකාධිකාරී රාජ්‍යයක් නොවූ කලාපයේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළින්ම ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාව ජීවත් කරවීමේ වගකීම ප්‍රමුඛතාවය තබා ගනිමින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටිනවා.

පෞද්ගලික ආරක්ෂක සේවාවන්හි නියුතු ආරක්ෂක නිලධාරීන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000 දක්වා වැඩි කර තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂය තුළ යම් ප්‍රශ්න ඇති බවත් තීන්දු ගැනීමේ දී තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ වනවිට පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

ld add copy

Connet With Us