මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද දිනයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.

විශ්වවිද්‍යාලවල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.

බන්ධනාගාර රැඳවියන්ව හමුවීම සඳහා අමුත්තන්ට පනවා ඇති තහනම ලබන සඳුදා (04) සිට ඉවත් කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සුදු ලූනු වංචාවට තමන් සම්බන්ධ බවට ඔප්පුකළහොත් සිය දේශපාලන දිවියෙන් සමුගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් නවයයි ග්‍රෑම් 920ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුරුන්කන් පොලීසිය සමත්වුණා.

දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් මෙරටට ලැබී තිබේ. එම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ලැබී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දෙවන දිනටත් සාක්ෂි ලබාදෙමින් ඊයේ (30) පැවසීය.

ld add copy

Connet With Us