මුල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සමාගමක් පවත්වාගෙන යෑම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන අධිචෝදනාවලට ලක් වූ චන්දන වීරකුමාර හෙවත් ‘සක්විති රණසිංහ’ සහ ඔහුගේ හිටපු බිරඳ වන කුමාරි අනුරාධිනී යන අයට රුපියල් ලක්ෂ 18 බැගින් දඩ මුදල් නියම කර තිබේ.

කිඹුලාඇලේ ගුණාගේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන "එළිසබෙත්" නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ විවිධ ලිංගික අනන්‍යතා ඇති ප්‍රජාවගේ මානව හිමිකම් සුරක්ෂිතවන පරිදි, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්තිවලට අදාළව සංශෝධනයන් / ඉවත් කිරීම් ඇතුළත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ප්‍රේම්නාත් දොළවත්ත විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අදාළව කරුණු විමසීම සඳහා එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් සිදුකර තිබේ.

ලක්විජය බලාගාරයේ අක්‍රිය වී පැවති තුන්වන ජනන යන්ත්‍රය ඊයේ(11) සවස වන විට ක්‍රියාත්මක කිරීමට හැකිවු බව වාර්තාවේ.

5 දෙනෙකුගෙන් සමන්විත නව ක්‍රිකට් තේරීම් කමිටුව  ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් පත්කර තිබේ.

එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11 ) සම්මත විය.

හෙට (12) දිනයේ දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එළැඹෙන වසර දෙක තුළදී ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කර තිබේ.

ld add copy

Latest News

දන්සැල් ලියාපදිංචිය අද සිට

දන්සැල් ලියාපදිංචිය අද සිට

වෙසක් සමයේ ජනතාවට ආහාර පාන සැපයීමේදී සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදීම සඳහා දන්සැල් ලියාපදිංචිය අනිව...

Connet With Us