මැයි පළමු වැනිදාට යෙදෙන කම්කරු දිනය සමරන ආකාරය පිළීබදව තීන්දුවක් ගැනීමට කොවිඩ් මධ්‍යස්ථානය වෙත සියලුම දේශපාලන පක්ෂ ප්‍රධානීන් අද (20 වැනිදා) කැඳවා තිබෙනවා.

යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව රටේ පවත්නා බොහෝ අණපනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට, රජයට හෝ අධිකරණ පද්ධතියට හෝ වග නොකියන සර්ව බලධාරී කොමිෂන් සභාවක් වන්නේ යැයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කනගඊශ්වරන් මහතා ඊයේ (19 දා) අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පෙන්වා දුන්නේය.

කෘත්‍රිම රා නිෂ්පාදනය වැඩි වී ඇති බැවින් එම රා නියමිත ප්‍රමිතියකට සකස් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19 වැනිදා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ නායකයන් දස දෙනකු වර්ජනය කර ඇත.

තමන්වහන්සේ ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි අයුරින් තේරුම් ගෙන ඇති බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කර සිටිනවා.

උත්සව සමයේ ගත වූ දින 11 ක (2021-04-08 සිට 2021-04-18) කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ භාරගෙන තිබේනවා.

ld add copy

Connet With Us