ඉතිහාසයේ පෙර නොවූ විරූ දැවැන්තම ආර්ථික අර්බුදයට මුල පිරූ ගෝඨාභය රාජපක්ෂ පාලනයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති සහ තීන්දු සම්බන්ධයෙන් සම්පූර්ණ විගණනයක් සිදු කිරීම ජාතික විගණන කාර්යාලය ආරම්භ කර ඇත.

දැඩි ණය අර්බුදය හේතුවෙන් කඩිනම් සහන සැපයිය යුතු රටවල් 05 අතර ශ්‍රී ලංකාවද සිටින බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

ජන සභා ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ සභාපති ,ජාතික සංවිධායක , භාණ්ඩාගාරික යන තනතුරුද වෙනස් කිරීමට නීයමිතව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ සහ රටේ ආර්ථිකය හැසිරවීම ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.

'මේක යහපාලන ආණ්ඩුවේ එක ප්‍රතිඵලයක්. අපි නිශ්ශබ්දවයි වැඩ කළේ. ඊට පස්සේ මේ ආණ්ඩුව වෙනස් වුණා. අලුත් ආණ්ඩුවක් ආවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුනාට පස්සේ මේ වැඩපිළිවෙළ නැවැත්තුවේ නෑ. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් මාරු වෙනකොට පැවති ආණ්ඩුව කරපු වැඩකටයුතු නතර කරනවා. ඒත් මේක නතර කළේ නැහැ.

මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යාන්ත්‍රණයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

ld add copy

Latest News

සයිනොපෙක් සහ IOC සමාගමද ඉන්ධන මිළ ඉහල දමයි

සයිනොපෙක් සහ IOC සමාගමද ඉන්ධන මිළ ඉහල දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන ඉහළ දැමීමත් සමග ලංකා ඉන්දියන් ඔයිල...

Connet With Us