දියවැඩියා රෝගීන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය හෙළි කළ භයානක හෙළිදරව්ව !

Published in පුවත්
Thursday, 09 November 2023 12:24

මෙරට ජනගහනයෙන් සියයට 14.6ක් මේ වන විට දියවැඩියා රෝගයට ගොදුරු වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න පැවසුවේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේඥ වෛද්‍ය අරුන්දිකා සේනාරත්න මහත්මිය මෙම අදහස් පළ කළේය.

"ලෝක ජනගහනයෙන් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් දියවැඩියාව රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන කතා කළොත්, දියවැඩියා රෝගය ගැන අපි සෑම වසර 5කටම සැරයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියට අනුකූලව කරන සමීක්ෂණයක් තියෙනවා. ඒකේ ඇත්තටම අවුරුදු 18 - 69ත් අතර වැඩිහිටියන්ගේ මුළු ලංකාවම නියෝජනය වෙන පරිදි සාම්පල් එකකින් තමා අපි මේක කරන්නේ. ඒකේ ප්‍රතිඵල අනුව 14.6%ක ප්‍රමාණයට දියවැඩියාව තියෙනවා. රෝගීන්ගේ වැඩිවීමක් අපි දැනට පෙන්නුම් කරනවා. අපි 2015 කරපු එකේ දී 7.4%යි හිටියේ. නමුත් දැන් 14.6%ක් දක්වා වැඩිවෙලා. ආතතිය හා සෞඛ්‍යමත් නොවන ආහාර රටා සමග වැඩිවීමක් පෙන්නුම් කරනවා."

බෝ නොවන රෝග අතුරින් ප්‍රධානම රෝගී තත්ත්වයක් ලෙස සැලකෙන දියවැඩියාවට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට ඉහළ වර්ධනයක් පෙන්නුම් කෙරේ. දිගුකාලයක් මුළුල්ලේ පවතින දියවැඩියා තත්ත්වය හේතුවෙන් වකුගඩු අකර්මණ්‍යතාව පවා සිදුවේ. රටේ අස්සක් මුල්ලක් නෑර වාර්තා වෙන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යාමට දිගුකාලීනව පවතින මෙම දියවැඩියා තත්ත්වය සෘජුවේ බලපානු ලැබේ. ලෝකය සේම අපේ රට ගත්තද තත්ත්වය එක හා සමානයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us