දෛනික ළමා මරණ ඉහළ යන ගාසා තීරය !

Published in පුවත්
Thursday, 09 November 2023 12:10

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ගාසා තීරය තුළ දෛනිකව ළමා මරණ 160 ක පමණ ප්‍රමාණයක් සිදුවන බව එක්සත් ජාතීන් පෙන්වා දෙයි.

එමෙන්ම සෑම මිනිත්තු 10කදීම එක් ළමයකු බැගින් මිය යන බවයි ඔවුහූ වැඩිදුරටත් පවසන්නේ.

ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් ආරම්භ වී මසක කාලයක් තුළ ගාසා තීරය මේ වන විට දරුවන්ගේ සුසාන භූමියක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් කියා සිටියි.

ඉකුත් ඔක්තෝබර් 7 වැනිදා සිට ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා මිය ගිය පලස්තීන පුද්ගලයින් ගණන 10,500 ඉක්මවා ගොස් ඇති අතර ඉන් 6000 කට ආසන්න ප්‍රමාණනයක් දරුවන් බවයි හමාස් පාලන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙන්නේ.

හමාස් ඊශ්‍රායල් යුධ ගැටුමේ දී මෙ වන විටත් ගාසා අගනගර මධ්‍යය දක්වාම මෙම යුද්ධය පැතිර ගොස් ඇති බවත් තවමත් හමාස් ග්‍රහණයේ ඊශ්‍රායල සිවිල් වැසියන් 239 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බව ද වාර්තා වේ

එරට ආරක්ෂක ප්‍රධානීන් තහවුරු කළේ, සිය සෙබළු ගාසා නගර අභ්‍යන්තරයේ මෙහෙයුම් සිදු කරමින් සිටින බවයි. එමෙන්ම ගාසා නගරයේ සිර වී සිටින ජනතාවට ඉවත්ව යාමට පැය 04ක කාලයක් ලබා දී ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්ය.

මේ අතර, ගාසා ජනතාව උග්‍ර ජල හිඟයකින් පීඩා විඳිමින් සිටින අතර බහුතරය දුෂිත මුහුදු ජලය භාවිතා කරන බවත් වාර්තා වේ

යුද්ධයේ වැඩි බලපෑමට ලක්ව ඇත්තේ ළමයින්වන බැවින්, වහාම සටන් විරාමයකට එළඹිය යුතු බව යළි යළිත් ඔහු අවධාරණය කරයි. ගාසා තීරයේ වත්මන් තත්වය මානුෂීය අර්බුදයකට වඩා එය මනුෂ්‍යත්වයේ අර්බුදයක් බව මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ. නමුත් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා තරයේ පවසා ඇත්තේ, කිසිම අවස්ථාවක සටන් විරාමයකට නොයන බවය.

 

-RS

Last modified on Thursday, 09 November 2023 12:11

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us