පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට වන යෝජනාව අද විවාදයට !

Published in පුවත්
Thursday, 09 November 2023 12:39

ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් විය යුතු බවට ඒකාබද්ධ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගෙන ඡන්දයකින් සම්මත කර ගැනීමට ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් මේ බව තහවුරු කළා.

මෙම තීරණයට එළඹ ඇත්තේ, ක්‍රිකට් ආයතනය පිළිබඳ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකඟත්වයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලය වහා ඉවත් වී දූෂණයෙන් තොරව ක්‍රිකට් පරිපාලනය විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑමට ක්‍රිකට් පරිපාලනය සඳහා නව නීති පද්ධතියක් පනතක් හරහා සම්මත කළ යුතු බවට වන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන යෝජනාවයි අද මෙලෙස පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේන්නේ.

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය ඒකාබද්ධව ගෙන එන මෙම යෝජනා සම්මතය අනුව විවාදය අද (09) පෙ.ව 9.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය වී ඇත.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඇමැති නිමල් සිරිපාල ද සිල්වාත්, විපක්ෂය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිදු කළ ප්‍රකාශයෙන් පසුව විපක්ෂයේ මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් ඊයේ (08) දිගින් දිගටම අදහස් දැක්වූ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඊයේ (08) ඉල්ලා සිටියේය. ඒ අනුව මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්විණ.

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us