ප්‍රතිවාදී පක්ෂ විසින් එල්ලකළ අභියෝග සියල්ලක්ම තම පක්ෂයට ශක්තියක් වූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටිනවා.

ගෑස් හිගයත් ඉවරයි !

Published in පුවත්
Wednesday, 03 November 2021 09:23

LP ගෑස් මෙට්‍රික් ටොන් 4,000ක් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් කල්දමන ලද විභාග පැවැත්වීමට දින නියම කර තිබෙනවා. සංශෝධිත කාලසටහන් සඳහා කැබිනට් අනුමැතිය ද හිමිවුණා.

කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (cruise) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි ද මේ වන විට දෙරටේම අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙරට සියලුම දිස්ත්‍රික්කයන්හි සිටින වයස අවුරුදු 20ට ඉහළ ජනගහනයෙන් සියයට 90ක පිරිසක් කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ගෙන සම්පූර්ණ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා ඇත.

රසායනික පොහොර සීමාකිරීම හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල වාර්තා වී තිබෙන දැනට භාවිතා කරන එන්නත් වලටද ප්‍රතිචාර නොදක්වන A 30 ප්‍රභේදය මෙරටට ද ඇතුල් වීමේ අවදානමක් තිබෙන අතර එසේ වුවහොත් ඉතා ව්‍යසනකාරී තැනකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ld add copy

Latest News

Connet With Us