ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කෙරේ  

Published in පුවත්
Tuesday, 13 September 2022 14:18

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය උපදේශකයින් වන ලැසාර්ඩ් ආයතනය චීනය, ජපානය සහ ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

එහි අරමුණ යම් එකඟතාවයකට පැමිණීම බව වැඩබලන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පැවසුවේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවශ්‍ය මූල්‍ය සහනය ලබාගැනීමට මෙරට විදේශීය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍ය බවය. එනම් අනාගතයේ දී ණය ගෙවීම් සඳහා සහනදායක ගෙවීම් ක්‍රමයකට එකඟවීමය. මේ වන විට ශ්‍රී ලංකාව ණය ගෙවීමට ඇති නොහැකියාව ප්‍රකාශකර තිබේ.

මූල්‍ය උපදේශකයින් වන "ලැසාර්ඩ්" ආයතනයේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පසුගිය මැයි මාසයේදී තීරණය කළ අතර ජාත්‍යන්තර නීති උපදේශක සමාගමක් වන "ක්ලිෆර්ඩ් චාන්ස්" ද මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යට සහාය වෙයි.

ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 85 සිට ඩොලර් බිලියන 100 ඉක්මවා ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

ශ්‍රී ලංකාව විසින් චීනය, ජපානය සහ ඉන්දියාවට ගෙවිය යුතු ණය ඩොලර් බිලියන 13ක් පමණ වෙතැයි පැවසෙයි. ඉන් වැඩි ප්‍රතිශතයක් චීනය සතුය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us