මාසයක් ජීවත් වෙන්න දැන් කීයක් වියදම් කළ යුතුද ?  

Published in පුවත්
Tuesday, 13 September 2022 13:15

2022 ජූලි මාසයට අදාළව නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙය ප්‍රකාශයට පත් කරනු ලබයි.

මෙම නව දත්ත සටහනට අනුව, එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා (ආහාර, වතුර, ඇඳුම්, නින්ද, වාසස්ථානය) සපුරාලීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) රු. 13,138 ක් ලෙසින් දක්වා ඇත. ජාතික අගයයක් වශයෙන් දක්වා ඇති මෙම අගය පසුගිය 2022 ජූලි මාසයේ සඳහන් කර තිබූ රු. 12,444 ට වඩා 5.57% ක ඉහළ යාමකි.

මේ අනුව 2022 ජූලි මාසයේ අගය අනුව 4 දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක් තුළ සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය මුදල් රු. 52,552 කි. කොළඹ දිස්ත්‍රික්කය තුළ නම් එය රු. 56,676ක් වනු ඇත.

මෙම අගය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙනවෙනම ගණන් බලා ඇති අතර ඒ අනුව වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වෙන පුද්ගලයෙකු හටයි. එය රු. 14,169 කි. මෙහි අවමය ලෙසින් මොණරාගල දිස්ත්‍රික්කය දක්වා ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ වෙසෙන පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ දැරීමට සිදුවන අවම වියදම රු. 12,562 කි.

2022 ජූනි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ කොළඹ රු. 13,421 ක් හා මොණරාගල රු. 11,899 ක් වශයෙනි.

නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව 2022 ජුලි මාසයේදී වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය බව ජනලේඛන හා සංඛාලේඛන දොපර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ.

2022 ජූලි මාසයට අදාළ මෙම සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us