අයහපත් කාලගුණය හමුවේ ගංවතුරින් යටවී තිබූ අතුරුගිරිය පිවිසුම විවෘත කර තිබේ.

උතුරු සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අධික වර්ෂාපතනය හේතුවෙන් මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයින් 157දෙනෙකු නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගෙන තිබේ.

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

පීඩාවට පත්ව සිටින ජනතාවට ආධාර බෙදාදීමට යෑමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කර ඒ හරහා පරිත්‍යාග බෙදාහැරීමට අවස්ථාව සලසා ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා ඉල්ලා සිටියි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් පරීක්ෂා කර නිගමන ලබා දෙන තුරු නිවෙස්වලට නොඑන ලෙස එම සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසයි.

ld add copy

Latest News

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද දිවයිනට

දෙවන බොරතෙල් නෞකාව අද (26) පස්වරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පවසනවා...

Connet With Us